පුද්ගලයින් 342ක් නිරෝධායනය අවසන් කරයි
ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 342දෙනෙකු අද (02) නිරෝධායනය අවසන් කිරීමට නියමිතයි.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ පුරවාසකුලම් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 182දෙනෙකු නිරෝධායනය අවසන් කර පිටව යාමට නියමිත බවයි.
මේ දක්වා පුද්ගලයින් 47,252දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව ගොස් තිබේ.
කෙසේ වෙතත් මේ වන විට මධ්‍යස්ථාන 79කදී පුද්ගලයින් 7274දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටියි.
