පුපුරා නොගිය අධිබලැති බෝම්බයක් සොයා ගැනේ
දෙවන ලෝක යුද සමයට අයත් පුපුරා නොගිය අධිබලැති බෝම්බයක් ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් නුවරින් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කිලෝග්රෑ්ම් 500ක පමණ බරින් යුතු එංගලන්තයේ නිෂ්පාදිත එම බෝම්බය ඉදිකිරීම් භූමියක තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම ස්ථානයට මීටර් 700ක් පමණ ඇතුළත ප්‍රදේශයේ පදිංචිකරුවන් 13,000 පමණ පිරිසක් තාවකාලිකව ඉවත්කර බෝම්බය නිෂ්ක්‍රීය කිරීම සඳහා බලධාරීන් කටයුතු කර තිබුණි.
දෙවන ලෝක යුද්ධය අවසන් වී වසර 75ක පමණ කාලයක් ගත වුවද ජර්මනියේ විවිධ ප්‍රදේශවල ඉදිකිරීම් කටයුතු අතරතුර මෙවැනි පුපුරා නොගිය බෝම්බ සොයාගැනීමේ සිදුවීම් මීට පෙර ද වාර්තා විය.
