News

පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජූලි 01 විවෘත කරයි

පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජූලි මස 01වැනිදා සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළේ සෞඛ්‍යය අමාත්‍යාංශය නිකුත් කර ඇති උපදෙස් හා රෙගුලාසි වලට අනුව පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි.

ඊට අදාළ උපදෙස් කඩිනමින් සියලු පෙරපාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.