පොල් වෙන්දේසියත් අන්තර්ජාලයෙන්
ශ්‍රී ලංකා පොල් වෙන්දේසියද අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණය භාවිත කරමින් පැවැත්වීමට අවසර ලබාදී ඇත.
පොල් සංවර්ධන මණ්ඩලය පවසන්නේ කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පැනවූ ඇඳිරිනීති තත්ත්වය යටතේ පුද්ගල සබඳතා අවම කිරීම සඳහා මෙම තීරණය ගනු ලැබූ බවයි.
ශ්‍රී ලංකාවේ පොල් වෙන්දේසිය මීට වසර 26 කට පෙර ආරම්භ වූ අතර පොල් සංවර්ධණ මණ්ඩලය විසින් එය කොළඹ සහ කුලියාපිටිය පදනම් කරගෙන පවත්වනු ලැබේ.
ශත වර්ෂයකට වඩා පැරණි කොළඹ තේ වෙන්දේසියද මේ වන විට පවත්වනු ලබන්නේ අන්තර්ජාල වේදිකාවක් ඔස්සේය.
ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ මැයි 6 වැනිදා අවසන් වරට පැවැති පොල් වෙන්දේසියේදී පොල් ගෙඩි 1000 ක් රුපියල් 44,241 ක මිලකට අලෙවි වී තිබේ.
එම මිල ඊට පෙර සතියේ දැක්වුණේ රු. 44,162 ක් වශයෙනි. එම වෙන්දේසියට පෙල් ගෙඩි 1,471,955 ක් ඉදිරිපත්ව ඇති අතර ඉන් 1,238,000 ක් අලෙවි වී ඇත.
නයන තරංග ගමගේ
