News

පොල්දුව පාලම යට නාඳුනන මළ සිරුරක්

පාර්ලිමේන්තු මාර්ගයේ පොල්දුව පාලම අසල තිබී අද (10) උදෑසන පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ.

යස අවුරුදු 50ක පමණ පිරිමි මළ සිරුරක් මෙලෙස හමු වී ඇති අතර බොරැල්ල – කොට්ටාව මාර්ගයේ දියත උයන ඉදිරිපිට ඇති ‘පොල්දූව‘ පාලම යට එම පුද්ගල මළ සිරුර පාවෙමින් තිබිය දී සොයා ගෙන ඇත.

එම පුද්ගලයා ජලයට වැටී ගසා ගෙන විත් එම ස්ථානයේ රැඳී ඇත්දැයි හෝ ඝාතනය කිරීමක් දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

වැඩිදුර විමර්ශන වැලිකඩ පොලීසිය විසින් පවත්වනු ලබයි.