News

පොලිස් නිලධාරීන් ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය හේතුව මෙන්න

කොවිඩ් -19 අවදානම හේතුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින පිරිස් පැන යන්නේ මානසික ආතතිය හේතුවෙන් නිසා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

වාලච්චේනි පුනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු එයින් පැනයමින් සිටියදී අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය පිළිබඳව ප්‍රකාශ කිරීමේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

රැකියාවට බැඳෙනකොට හොඳ මානසික තත්ත්වයක් ඇති නමුත් පසුව යම් යම් හේතු මත ඒ තත්වය වෙනස් වන බවත් ඒ අනුව ඔහුත් ඒවැනි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මීට පෙරත් නිරෝධානය මධ්‍යස්ථානවලින් පැනගිය 05 දෙනෙකු පමණ අත් අඩංගුවට ගෙන ඇති අතර පැන ගිය සාමාන්‍ය අයට ලිහිල් ලෙස කටයුතු කළත් පොලිස් නිලධාරියෙකුට එලෙස කටයුතු නොකරන බව ඒ මහතා සඳහන් කරයි.

ඒ අනුව ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි