News

පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු කල් යයි

ජනවාරි 15 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පොලිස් නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් කල් දමා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කළේ ය.

එ් අනුව, එම වාර්ෂික ස්ථාන මාරුවීම් මාර්තු 15 වැනිදා දක්වා කල් දමා තිබේ.

පවතින කොරෝනා වසංගතය තත්ත්වය හේතුවෙන් පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයක් මත මෙම තීරණය ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.