News

පොලිස් මාධ්‍ය කොට්ඨාශයට වැඩබලන අධ්‍යක්ෂකවරයෙක් පත්වෙයි

පොලිස් මහජන සම්බන්ධතා හා පොලිස් මාධ්‍ය කොට්ඨාශයන්හි වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පත්කර ඇත.

පත්කිරීම අද (08) දින සිදුකර ඇති අතර පොලිස්පති සී.ඩී වික්‍රමරතන මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර තිබේ.

කෙසේ නමුත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා තවදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.