News

පොහොර හිඟ වෙයි

පොහොර සඳහා විශාල ඉල්ලුමක් පැවතියත් පොහොර සමාගම් සතු තොග ඇත්තේ මෙට්‍රික් ටොන් 30,000ක් පමණක් වන අතර එළවළු හැර අනෙකුත් භෝගවලට පොහොර සැපයීම ද මේ වන විට නතර කර ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට තිබෙන පොහොර තොග අතරින් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 7000ක් ඇති අතර ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට පොහොර බෙදීම නතර කර තිබේ.

මේ සම්බන්ධයෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල කියා සිටියේ අගෝස්තු මාසයේදී සාමාන්‍යයෙන් පොහොර භාවිතය අඩු බවයි.

රටේ පොහොර සඳහා අවශ්‍යතාව වැඩි වී ඇති බවත් ඔහු කියයි.

වාර්ෂික පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 3,85,000ක් වුවත් වගා කටයුතු සඳහා පොහොර මෙට්‍රික් ටොන් 162,000ක් වැඩිපුර ඉල්ලුම් කර ඇතැයි ද ජාතික පොහොර ලේකම් කාර්යාල අධ්‍යක්ෂවරයා පැවසීය.

ඉදිරියේ දී පොහොර මෙට්‍රික් ටොන් 130,000ක් මෙරටට ආනයනය කිරීමට ද නියමිත බව ඔහු සඳහන් කරයි.

සාලිය කුමාර ගුණසේකර