පොළොන්නරුව – හිඟුරක්ගොඩ කලාප කාර්යාලය හෙට විවෘතයි
හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ පසුගිය 26 වනදා PCR පරීක්ෂණ සිදු කළ 81දෙනා ගෙන් කිසිවකු කොවිඩ් ආසාදිත නොමැති බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා සඳහන් කර තිබේ.
එබැවින් පොලොන්නරුව හිගුරක්ගොඩ කලාප කාර්යාලය හෙට (30) දින සිටි විවෘත කිරිමට සෞඛ්‍ය බලධාරින්ගේ අවසරය ලැබි ඇත.
එසේම පොලොන්නරුව හිගුරක්ගොඩ කලාපයේ පාසල් 95 තුළ සිටින ශිෂ්‍යයන් ගුරු භවතුන් වගේම දෙමාපියන් කිසිදු බියකින් තොරව හෙට දින සිට සුපුරුදු පරිදි සෞඛ්‍ය නිතිරිති අනුගමනය කරමින් පැමිණිය හැකිබව අධ්‍යක්ෂිකා ටී.එ.ඩී.වයි. ගීතාංජලී සඳහන් කර තිබේ.
