පොළොන්නරුවට කොවිඩ් අවදානමක්
මින්නේරිය නිවාඩු නිකේතනයක සැඟව සිටියදී කොවිඩ් රෝගීන් ලෙස හඳුනා ගත් ධීවර සංස්ථා නිලධාරීන් හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට වයිරසය පැතිරීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.
ධීවර සංස්ථා නිලධාරීන් 7 දෙනකු එම නිවාඩු නිකේතනයේ සැඟව සිටි අතර ඉන් 4 දෙනකුටම කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත.
මෙම නිලධාරීන් පිරිස් මින්නේරියට පැමිණ ඇත්තේ කොළඹ මෝදර ප්‍රදේශයේ සිටය. ඔවුන් ඉකුත් 05 වැනිදා සවස 4.30ට පමණ මෝදර ප්‍රදේශයෙන් පිටත්ව එදින රාත්‍රී වන විට මින්නේරිය ධීවර සංස්ථා නිවාඩු නිකේතනයට පැමිණ තිබේ. ධීවර සංස්ථා නිවාඩු නිකේතනයට පැමිණ ඇති මෙම 7 දෙනා පුත්තලම, මෝදර, සුදුවැල්ල, පෑලියගොඩ, කෑගල්ල, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
බණ්ඩාර මුදියන්සේ – පොළොන්නරුව
