පෝලන්ත සහ කටුනායක ගුවන් සේවකයන් ආසාදිතයි
පෝලන්ත ගුවන් සේවා කාර්ය මණ්ඩල සාමාජිකයකුට සහ කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ අංශයේ සේවකයකු ඇතුළු සිව් දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර ප්‍රකාශ කළේය.
එමෙන්ම මීට අමතරව කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවයේ නියුතු සේවිකාවකට සහ තවත් ප්රදේශවාසියකුට ද මෙම කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි සුරේෂ් කුමාර පැවසීය.
ඒ අනුව කොරෝනා දෙවැනි රැල්ල තුළ කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙන් මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 525 දෙනෙකු වාර්තා වී ඇති බව ද පරිපාලන මහජන සෞඛ්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කළේය.
ටී.කේ. ජී. කපිල – කටුනායක
