News

පෞද්ගලික සේවක වැටුප් ගෙවීමට එකඟ වූ කාලය දීර්ඝ කෙරේ

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ බලපැමට ලක්ව ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ට මසකට ඔවුන්ගේ මූලික වැටුපෙන් භාගයක් හෝ රුපියල් දාහතර දහස් පන්සියක මුදලක් ලබාදීම සඳහා වන යෝජනාවක් රජය ඉදිරිපත් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේබව සඳහන් කළේය.

පසුගිය මැයි සහ ජුනි මාස දෙක සඳහා වැඩ නොමැතිකම හේතුවෙන් සේවකයින් නිවෙස් තුළ රැදවීමේ අවශ්‍යතාවයක් පැවති ආයතනවල සේවකයින්ට ඔවුන්ට අවසානයට ගෙවන ලද වැටුපෙන් 50% ක් හෝ රුපියල් 14,500 ක් හෝ යන දෙකෙන් වඩා වාසිදායක මුදල ගෙවීමට තීරණය කෙරිණ.

එම එකඟතාව ලබන සැප්තැම්බර් මාසය දක්වා දිර්ඝ කර වැටුප් ගෙවීම සිදු කරනු ලබන අතර මේ සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව බන්දුල ගුණවර්ධන මහතා පවසයි.