බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණි දෙදෙනෙකුට කොරෝනා
බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට කොවිඩ්-19 වෛරසය වැළදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2049ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් 290දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
කොවිඩ්-19 ආසාදනය වූ ආසාදිතයන් 1748දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
