News

බණ්ඩාරගම ග්‍රාම නිලධාරිනියකට කොවිඩ්

බණ්ඩාරගම, කොළමැදිරිය ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරිනියට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

අටලුගම ප්‍රදේශයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකදී අදාළ ග්‍රාම නිලධාරිනියට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.

එම ග්‍රාම නිලධාරිනිය බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම්වරිය සමඟ එකම රථයක ගමන් කර තිබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු පිරිසක්ද නිරෝධායනයට ලක් කර තිබේ.