බදියුදීන් පාස්කු කොමිසමට එයි
රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු ඉරුදින ප්රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ ඇත.
ඒ අද දින (14) පෙරවරු 09.30 ට පමණ ඔහු එම ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.
පාස්කු ඉරුදින සිදුවූ ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් ප්රකාශ සටහන් කරගැනීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනි සිටින ලෙස කළ දැනුම් දීමක් අනුව මන්ත්රීවරයා මෙලෙස අද දින පොලිස් ඒකකය හමුවට පැමිණ තිබේ.
