News

බන්ධනාගාර කොවිඩ් පොකුර 156ක් වෙයි

බන්ධනාගාර රැඳවියන් හා නිලධාරින් 156 කට ආසන්න පිරිසකට අද(11) වන විට කොරෝනා වැළඳී ඇති බව සෞඛ්‍ය අංශ වර්තා කරයි.

ඒ අතර කාන්තා රැඳවියන් 150 ක් ද , නිලධාරින් 6 දෙනෙකු ද වන බව බන්ධනාගාර රෝහල සඳහන් කරයි.

වැලිකඩ කාන්තා රැඳවියන් 90ක්, පිරිමි 22ක් ද, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් සිව්දෙනකු ද , පැරණි බෝගම්බර හා දුම්බර බන්ධනාගාර වලින 32 ක්, කුරුවිට හා මාතර බන්ධනාගාර වලින් 2 දෙනෙකු මේ අතර වෙති.

වැලිකඩ හා බෝගම්බර බන්ධනාගාර වලින් ආසාදිත නිලධාරින් වාර්තා වේ.