බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෙනස්කම් රැසක්
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පරිපාලනමය නිලධාරින් කිහිප දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙනිය මහතා පවසයි.
බන්ධනාගාර මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසීය.
මේ අතර බුස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.
