News

බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුට කොවිඩ්

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

අලුතෙන් බන්ධනාගාර ගතවන්නන් නිරෝධායනයට ලක් කිරීම සඳහා එම බන්ධනාගාරය මේ වන විට ප්‍රයෝජනයට ගනු ලබයි.

මීට පෙර එම බන්ධනාගාරයේ රැදවියන් හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණු අතර පල්ලෙකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරයේ ද එක් රැඳවියෙකුට මීට පෙර කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණි.

ඒ අනුව බන්ධනාගාර දෙකේම නිලධාරීන් හා රැඳවියන්ට දිගින් දිගටම පි.සි.ආර්. පරීක්ෂණ සිදු කරමින් පවතින අතර ඒ අනුව සිදු කල පී.ආර්.පරීක්ෂණවල ප්‍රතිපල මගිඟි ඔවුන් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.