බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්
බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ජංගම දුරකථන ලබාදීමේ චෝදනාව මත බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ මාතර බන්ධනාගාරයේ නියාමකවරයෙකු සහ මහර බන්ධනාගාරයේ නියාමකවරයෙකු මෙලෙස වැඩ තහනමට ලක් කළ බවය.
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත බන්ධනාගාර ගතව සිටින රැඳවියෙකුට ජංගම දුරකථන 03ක් ලබාදීමට උත්සාහ කිරීමේදී මහර බන්ධනාගාර නියාමකවරයා බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.
වැඩ තහනමට ලක් වු මාතර බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතර බන්ධනාගාරයේ රදවා සිටින එවැනි රැඳවියෙකුට ජංගම දුරකථනයක් ලබාදීමට උත්සාහ කිරිමේදී ය.
