ප්‍රේමලාල් වහාම පාර්ලිමේන්තුවට රැගෙන එන්න – කථානායක
මරණ දඩුවම නියමව රක්ෂිත බන්ධානාගාර ගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු සැසිවාරය සදහා සහභාගිවීමේ අවස්ථාව ලබාදෙන්නැයි අද ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේදී කතානායකවරයා සදහන් කළේ තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකර මහතා වහාම පාර්ලිමේන්තුවට ගෙන එන ලෙසට බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත දැනුම් දී ඇති බවයි.
