බලශක්තිය දියුණු කරන්න ඇමැතිගෙන් රහසිගත පෙට්ටියක්
බලශක්ති අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන දියුණු කිරීම සඳහා අමාත්‍යාංශයේ සහ ආයතනවල සේවකයින්ගෙන් යෝජනා අදහස් විමසීම විෂය භාර ඇමැති උදය ගම්මන්පිල පසුගියදා අරැඹීය.
අමාත්‍යවරයා වැඩ භාරගත් අවස්ථාවේ දී සේවක සේවිකාවන් හමු වී අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ ආයතනවල පවතින අඩුපාඩු සහ යෝජනා බහාලීමට රහසිගත පෙට්ටියක් හඳුන්වා දී තිබුණි.
එලෙස එම පෙට්ටියට දමා තිබූ යෝජනා හා අදහස් අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇමැතිවරයා වෙත ඊයේ (08 වැනිදා) භාරදුන්හ.
