News

බස් දුවවන්න ඉන්ධන සහනය දෙන්න – ගැමුණු

පෞද්ගලික බස්රථ ධාවනය කිරීම සඳහා ඉන්ධන සහනාධාරය ලබාදෙන ලෙස පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න රජයෙන් ඉල්ලීමක් කරයි. ඔහු කියා සිටියේ සමාජ දුරස්ථ භාවය පවත්වා ගනිමින් පෞද්ගලික බස්රථ ධාවනය කිරීමට සූදානම් බවයි.

එසේ වුවද ගමන් වාර වැඩි කරමින් බස් රථ ධාවනය කිරීමට හැකියාවක් නොමැති බවද ඔහු පැවසීය. එසේම පෞද්ගලික බස්රථ ධාවනය කිරීමෙන් කිසිසේත්ම ලාභයක් බලාපොරොත්තු නොවන බවද පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වරුණි පෙරමුණ