News

බස් රථයක් ප්‍රපාතයට පෙරළී 33ක් රෝහලට

පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් 35 දෙනෙක් රෝහල් ගත කර තිබේ.

අද (02) උදෑසන 7 ට පමණ හැටන් පොඩයිස් හරහා ඩයගම මාර්ගයේ පොඩයිස් වත්ත එන්සි කොටසේ දී පෞද්ගලික බස් රථය මාර්ගයෙන් අඩි 25 පමණ ඉවතට පැන මෙලෙස ප්‍රපාතයට පෙරළී ඇත.

අනතුරෙන් පාසල් ළමුන් 21 දෙනෙකු සහ වැඩිහිටියන් 12 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරු පවසති.

එම මාර්ගය දැඩි ලෙස වලවල් හෑරී තිබිම හේතුවෙන් බස් රථය වළකට වැටි මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බව හැටන් පොලීසිය සඳහන් කරයි.

තුවාල ලැබු පාසැල් ළමුන් වයස අවුරුදු 10 – 18 වයස්වල පසුවන බව පැවසේ.