බස්නාහිර පාසල්වල 11 ශ්‍රේණිය ඇරඹීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්
බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැරෙන්නට අනෙකුත් ප්‍රදේශවල පාසල් 11 ශ්‍රේණිය සිසුන් සදහා විවෘත කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි
ඒ අනුව ජනවාරි මස 25 වැනිදා සිට 11 ශ්‍රේණියේ සිසුන් සදහා පාසල් විවෘත වේ.
අධ්‍යාපන අමාත්‍යවරයා අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කළේය.
එළෙඹන මාර්තු මාසයේදී පැවැතිවීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මෙම තීරණය ගත් බව අමාථ්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.
