බස්නාහිර පොලිස් නිලධාරීන් 250කට කොවිඩ්
බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 256 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
ඉන් නිලධාරීන් 6 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර 250 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.
බස්නාහිර පළාතේ නිලධාරීන් 317 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති අතර නිලධාරීන් 1447ක් ස්වයං නිරෝධනයට යොමු කර ඇත.
