News

බස්නාහිරට බය වූ පොලිස් ලෙඩ්ඩු බස්නාහිරටම

බස්නාහිර පළාතට විශේෂ රාජකාරි සඳහා කැඳ වූ එම කැඳවීම නොතකා ලෙඩ නිවාඩු දැමූ සියලු පොලිස් නිලධාරීන්ට දඬුවමක් ලෙස බස්නාහිර පළාතට ස්ථිර මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.

වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ නියෝග මත පොලිස් මූලස්ථානය මෙම තීරණය ගෙන තිබේ.

බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන්ට කොවිඩ් වැලඳීමත් සමග පොළොන්නරුව, වව්නියාව, අම්පාර ප්‍රදේශවලින් නිලධාරීන් හා සෙසු නිලයන්වල නිලධාරීන් හයසිය හතළිස් එකකට විශේෂ රාජකාරි ලෙස බස්නාහිරට කැඳවනු ලැබීය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා