News

බස්නාහිරින් වාහන 80,000ක් පිට පළාත්වලට ගිහින්

බස්නාහිර පළාතට පසුගිය බ්‍රහස්පතින්දා (29) මධ්‍යම රාත්‍රියේ සිට හෙට දිනය (02) දක්වා ඇඳිරි නීතිය පැනවීමත් සමග පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ කටුනායක – කොළඹ, කෙරවලපිටිය පිටත වටරවුම් මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ 80,000 කට අධික වාහන ප්‍රමාණයක් පිටතට ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව කටුනායක අධිවේගී මාර්ගයෙන් වාහන 11,450 ක් ද, කෙරවලපිටිය පිටත වටරවුම් මාර්ගයෙන් වාහන 38,260 ක්ද, දකුණු අධිවේගී මාර්ගයෙන් වාහන 31,200 ක්ද ලෙස මෙසේ පිටවී තිබේ.

මෙම වාහනවලින් විශාල පිරිසක් බස්නාහිර පළාතෙන් වෙනත් දිස්ත්‍රික්ක කරා ගොස් ඇති බව සඳහන් වේ. ඊට අමතරව සාමාන්‍ය ප්‍රධාන මාර්ග ඔස්සේ සහ ඇතුළු මාර්ග ඔස්සේ ද විශාල පිරිසක් රට තුළට පිවිස ඇති බවට පොලිස් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත. මෙම වාහනවලින් කොළඹින් පිට පදිංචිකරුවන්ද ගම්බිම් බලා ගොස් ඇත. එමෙන්ම විනෝද චාරිකාද ගොස් ඇති බව අනාවරණය වේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් කළ විමසීමකදී සඳහන් කළේ ලබන සඳුදායින් පසු එසේ පිටත් වූ වාහන නැවත බස්නාහිර පළාතට ඇතුළු වීමේදී දැඩි පරීක්ෂාවක් සිදු කරන බවත්, එහිදී පිටත් වූ දිනය හා ස්ථානය සම්බන්ධයෙන් සනාථ කිරීමට කරුණු ඉදිරිපත් නොකළොත් ඔවුනට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේ ය.

හේමන්ත ලියනපතිරණ