News

බහුදින ධීවර යාත්‍රාවකින් කෝටි 60ක මත් ද්‍රව්‍ය සොයාගෙන

 

මීගමුව මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සහ බහුදින ධීවර යාත්‍රාවක් සොයාගෙන ඇත.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100ක් සහ හෂීෂ් කිලෝ 80ක් යාත්‍රාවේ තිබී සොයාගත් බවයි. ඒම මත්ද්‍රවය තොගයේ වටිනාකම රුපියල් කෝටි 60ක් බව සඳහන් වනවා.

එසේම යාත්‍රාවේ සිටි සිව්දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් විසින් අත්අඩංගුවට ගත් බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

අදාල වැටලීම බුද්ධි සේවාවන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එක්ව සිදුකර ඇති අතර මෙහෙයුම සඳහා ගුවන් හමුදාවේ ද සහය ලැබී ඇත.

සැකකරුවන් පිරිස හලාවත තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පැවසෙනවා.