News

බ්‍රසීලයේ කොරෝනා මරණ විසිදහස ඉක්මවයි

කොරෝනා වෛරසයෙන් බ්‍රසීලයේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 20,082ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම එරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද සීග්‍රයෙන් ඉහළ යමින් පවතී.

මේ වන විට එරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 310,921ක්.

ඇමෙරිකාවට සහ රුසියාවට පසුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.

ඇමෙරිකාවෙන් ආසාදිතයින් 1,620,902ක් වාර්තා වන අතර රුසියාවෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 317,554ක්.

මේ වන විට ඇමෙරිකාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 96,354ක්.