News

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණෙන සියලු ගුවන් ගමන් අත්හිටුවයි

බ්‍රිතාන්‍යයේ සිට මෙරට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

එහි සභාපති උපුල් ධර්මදාස මහතා පැවසුවේ හෙට (23) අළුයම 2.00ට මෙම අත්හිටුවීම ක්‍රියාත්මක බවයි.

බ්‍රිතාන්‍ය තුළ කොවිඩ්-19 වෛරසයේ ප්‍රභේදය හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

මේ වන විට ලොව රටවල් 40කට අධික සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් ගමන් තහනම් කිරීමට කටයුතු කර තිබේ.