News

බැස්ටියන් මාවතේ තාවකාලික වෙළෙදසැල් කඩා ඉවත් කරයි

පිටකොටුව බැස්ටියන් මාවතේ තාවකාලිකව ඉදිකර තිබූ වෙළෙදසැල් කිහිපයක් කඩා ඉවත් කර තිබේ.

එම වෙළෙදසැල් හිමියන් පැවසුවේ ඊයේ (21) රාත්‍රී කාලයේදීම වෙළෙදසැල් 95ක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉවත් කළ බවයි.

ඒ අනුව අදාළ වෙළෙදැල් හි පැවැති භාණ්ඩ ඉවත් කර ගැනීමට වෙළෙදසැල් හිමියන් විසින් කටයුතු කර ඇත.

තාවකාලිකව ඉදිකර තිබූ මෙම වෙළෙදැල් ඉවත් කරගන්නා ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් මීට පෙර මෙම වෙළෙදුන් දැනුවත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.