බුද්ධි අධ්යක්ෂ සලෛයි ඇතුළු බ්‍රිගේඩියර්වරු පහක් මේජර් ජෙනරාල් ධුරයට
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් සුරේෂ් සලෛයි ඇතුළු බ්‍රිගේඩියර්වරුන් පස්දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මේජර් ජෙනරාල් ධුරයට උසස් කර ඇත.
මෙසේ උසස්වීම් ලැබ ඇත්තේ ඉංජිනේරු බළකා නිහාල් අමරසේකර, නිශාන්ත හේරත්, කාලතුවක්කු බළකායේ කුමාර සමරසිංහ, තිලක් වීරකෝන් හා සන්නද්ධ බුද්ධි බළකායේ සුරේෂ් සලෛයි යන බ්රිගේඩියර්වරුන්ය.
ඊළාම් යුද්ධයේදී මෙන්ම අයි.එස්. ත්රස්තවාදීන්ට සහාය දැක්වූ සහරාන් ඇතුළු අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව දක්ෂ බුද්ධි මෙහෙවරක නිරත වූ නිලධාරියකු ලෙස උසස්වීම් ලද මේජර් ජෙනරාල් සුරේෂ් සලෛයි ප්රකටය.
හිටපු යුද හමුදා බුද්ධි අධ්යක්ෂවරයා වූ හෙතෙම කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තවීම වැළැක්වීමට රාජ්‍ය බුද්ධි සේවාව කරන බුද්ධි මෙහෙයුමේ ප්‍රධානියාද වේ.
එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලය මැඬපවත්වන බුද්ධි මෙහෙයුම් රැසක නිරතවූ හෙතම එල්.ටී.ටී.ඊ.ය පරාජයට පත්කිරීමෙන් පසුව මැලේසියාවේ සිට එල්.ටී.ටී.ඊ.යට නායකත්වය දෙන්නට උත්සාහ කළ කුමරන් පත්මනාදන් (KP) අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමටද නායකත්වය දුන්නේය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
