News

බේරුවල වසම් තුනකටම සංචරණ සීමා

බේරුවල, මග්ගොන ග්‍රාම නිලධාරී වසම් තුනකට සංචරණ සිමා පනවා ඇති අතර මේ අනුව මග්ගොන නැගෙනහිර, මග්ගොන බටහිර සහ අක්කරමලෙයි යන ග්‍රාම නිලධාරී වසම් 3 සඳහා මෙම සංචරණ සීමා පනවා තිබේ.

මෙලෙස සංචරණ සිමා පැනවීමට හේතුවී ඇත්තේ එම ප්‍රදේශ වලින් ආසාදිතයන් 50කට අධික පිරිසක් ඊයේ (19) දිනයේ හඳුනා ගත් නිසා බැවින් බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කර තිබේ.

එසේම මේ වන විට බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 361ක් වාර්තා වී ඇති අතර මග්ගොන ප්‍රදේශයෙන් ආසාදිතයන් 107 හඳුනා ගෙන තිබේ.