බොරැල්ලේ තරුණයෙකු ඝාතනය කෙරේ
බොරැල්ල, හල්ගහවත්ත ප්රදේශයේදී පදිංචි තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
කැපුම් තුවාල සහිතව සිටි අදාළ තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ(07) රාත්රියේදී මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.
පෞද්ගලික හේතුවක් මත ඝාතනය සිදු කර ඇතැයි අනාවරණය වී තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ, 18 හැවිරිදි තරුණයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල ප්රදේශයේම පදිංචි 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
