News

බෝගම්බර වසා දැමෙයි

කෝවිඩ් 19 වෙරසය ආසාධිතයින් 12 දෙනෙකු මහනුවර බෝගම්බර ගම්මානයෙන් හමුවිම නිසා එම ගම්මානය වසා දැමිමට සෞඛ්‍ය අංශ තිරණය කර තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේ අද (04) කොවිඩ් කමිටු මර්ධන කමිටුවේදි මෙම තිරණය ගත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පැවැසිය.

ඊයේ දිනයේ බෝගම්බර ගම්මානයෙන් කෝවිඩ් ආසාදිතයින් 12 දෙනෙකු හමුවිමත් සමග සෞඛ්‍ය අංශ විසින් එම ආසාධිතයින්ගේ ආශ්‍රිතයින් ඇතුලු 50 දෙනෙකු පමන අද දිනයේ පි සි ආර් පරික්ෂන වලට ලක් කල බවද සෞඛ්‍ය අංශ පැවැසිය.

භාරත මෙන්ඩිස්