News

මගී ගුවන් සේවා 20 වැනිදා සිට ඇරඹීමට එමිරේට්ස් සූදානම්

එළැඹෙන 20 වැනිදා ශ්‍රී ලංකාවේ සිට මගී ගුවන් ගමන් ආරම්භ කරන බව එමිරේට්ස් ගුවන් සේවය පැවැසීය.

ඒ අනුව ජුනි 20 වැනිදා සිට සෑම සෙනසුරාදාවකම සහ ඉරිදා දිනයකම කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ සිට ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපොළ දක්වා බෝයිං 777-300 මගී ගුවන් යානා ක්‍රියාත්මක වනු ඇත.

එමිරේට්ස් ගුවන් සේවයේ කලාප කළමනාකරු චන්දන ද සිල්වා පවසන්නේ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ සාමාන්‍ය පරිදි ගුවන් ගමන් නැවත ආරම්භ කරන තෙක් මෙලෙස එක් ගමනාන්තයක් දක්වා වූ ගුවන් ගමන් පමණක් ආරම්භ කරන බවයි.

ගුවන් තොටුපොළ සම්පූර්ණයෙන්ම විවෘත කිරීමෙන් අනතුරුව සුපුරුදු ගුවන් ගමන් ඇරඹීමේ ආරම්භක පියවර ලෙස මෙය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවැසීය.

නයන තරංග ගමගේ