මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
අක්මීමන පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් මත්පෙති තොගයක් අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ගාල්ල සම්පත් උයන ප්‍රදේශයේ දී මත්පෙති තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
හු සතුව තිබී මත්පෙති 620ක් වැටලීම් නිලධාරීන් බාරයට ගෙන තිබේ.
අක්මීමන පොලිස් විශේෂ කාර්ය බලකානිලධාරීන්ට ලද තොරතුරක් මත ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරීන් සමග එක්ව මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.
