News

කඩේ ගිය පුතා මරුවා එක්ක ගිහින්

ත්‍රිකුණාමලය මහාමායා පුර මතොක් ප්‍රදේශයේ වයස අවුරුදු 67ක මත්ස්‍ය වෙළඳාමේ යෙදෙන අයෙක් හදිස්සියේ මියගොස් ඇත.

එම පුද්ගලයා ඊයේ සවස නිවසට අවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගැනීම සඳහා අසල පිහිටි වෙළඳසැලකට ගොස් තිබෙනවා. වෙළඳසැලට ගිය එම පුද්ගලයා රාත්‍රිය වනතුරුත් නොපැමිණීම නිසා නිවසේ නිවැසියන් ඔහුගේ ජංගම දුරකථනය ඔස්සේද ඔහුව සම්බන්ධකර ගැනීමට උත්සහ කර තිබෙනවා. නමුත් දුරකථනය ඔස්සේ සම්බන්ධ වීමටද අවස්ථාව ලැබී නැහැ

අද (03) උදැසන මව විසින් නිවස අසල ඇති වෙළඳසලට ගොස් විමසා ඇති අතර එහිදී ඔහු එහි නොපැමිණි බව දානවා ඇත.

අනතරුව පළුවත්ත දුම්රිය නිවාස අසල දුරකතනයක් නාද වනු ඇසී එක් සේවකයකු එය බැලූ විට ඒ අසල පුද්ගලයකු වැටී සිටින බව දැක පොලිසියට දන්වා තිබේ. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ත්‍රිකුණාමලය පොලීසිය විසින් සිදුකෙරේ.