News

මධ්‍යම අධිවේගයේ වැඩ කඩිනම් කරන්න

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නියම කළ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

වන්දි ගෙවීමේ ගැටළු නිසා කොළඹ සිට කරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම් අඩාල වී තිබේ.

ඊට කඩිනමි විසඳුම් දී අධිවේගී මාර්ගය තනා නිම කරන්නැයි ජනාධිපතිතුමා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් දුන්නේය.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට අද (27) දෙවන දිනටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ චාරිකා කරමින් මාවතගම, මහජන පොළ භූමියේ පැවති ජන හමුවේ දී ජනාධිපතිතුමා එසේ නියම කළේය.