මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමත් නාය යන අවදානමක
දිවයිනේ පළාත් හතක නාය යෑමේ අධි අවදානම් කලාපවල පවුල් දස දහසක් (10,000) පදිංචිව සිටින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන පැවසීය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී ඊයේ (27 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේය.
සබරගමුව පළාත, මධ්‍යම පළාත, බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කය, දකුණු පළාත, ඌව පළාත, වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙම අධි අවදානම් කලාප පිහිටා ඇති බවද සඳහන් කළේය.
අධි අවදානම් කලාපවල පදිංචි ජනතාව සිය ගෙවතුවල ජලවහන රටාව මැනවින් හඳුනා ගැනීම ඉතා වැදගත් බවද, සිය නිවස පිටුපස අස්ථාවර නිම්නයක් හෝ පස් කණ්ඩියක් තිබේ නම් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවද පැවසේ.
අධික වැසි සමග මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ නාය යෑමේ අවදානමක් තිබෙන බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙසද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
සාලිය කුමාර ගුණසේකර
