News

මධ්‍යම පළාතේ 168කට කොවිඩ්

මධ්‍යම පළාතෙන් මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් 168 දෙනෙකු වාර්තා වී තිබේ.

එම ආසාදිතයින් පිරිසෙන් වැඩිම ප්‍රමාණයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර නුවර එලියෙන් 69දෙනෙකු සොයා ගෙන ඇත.

ආසාදිතයන් 64 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන්ද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 35 දෙනෙකුද වාර්තා වී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.