News

මන්ත්‍රී ගයන්තට කෝවිඩ් නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සහ පවුලේ කිසිවෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

කෝවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා 2021.01.05 දින පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ ඔහුගේ සමීප ආශ්‍රිතයෙකු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා හඳුනා ගැණුනි.

ඒ බව ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා වෙත දැනුම්දීමෙන් පසු මන්ත්‍රීවරයා ඇතුළු පවුලේ සියලුදෙනා ස්වේච්ඡාවෙන්ම පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ගෙන ඇත.