News

මරු කැඳවූ අධිකවේගය

වාකනේරි මාර්ගයේ 9 කනුව ප්‍රදේශයේ දී කාවත්තමුන සිට වාකනේරි දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබේ.

මෙම සිදුවීමෙන් 16 හැවිරිදි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ. අනතුර සිදුව ඇත්තේ ඊයේ (20) සවස 3.45ට පමණය.

අනතුරෙන් බරපතල තුවල ලැබූ යතුරු පැදිකරු වාලච්චේන රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ. අනතුරෙන් මියගොස් ඇත්තේ නඩරාජා ධනුජන් නැමති වාකනේරි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්දව වාලච්චේන පොලීසිය පරීක්ෂණ පවත්වයි.