News

මහ මැතිවරණ දිනය ගැන අවසන් තීරණය මේ සතියේ

මහ මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණ්‍ය මෙම සතිය තුල ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ සෞඛ්‍ය අංශ සහ තවත් පාර්ශව කිහිපයත් සමග සාකච්ඡා කර මැතිවරණ දිනය තීරණය කරන බවයි.

මැතිවරණය පැවැත්වීමට අදාලව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබා දී ඇති මාර්ග උපදේශන ගැසට් මගින් ප්‍රශකයට පත් කිරිමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

මැතිවරණ දිනය දීර්ඝ කිරිමට මැතිවරණ කොමිසමට කිසිදු අවශ්‍යතාවත් නොමැති බව ද කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළා.

කොරෝනා මෙරටින් තුරන් වී ඇති බවට සහ කිසිදු කොරෝනා රෝගියෙක් නොමැති බව සෞඛ්‍ය අංශ හෙට සහතිකයක් ලබා දෙන්නේ නම් ජුලි 20 වනදා මැතිවරණය පැවැත්වීමට කොමිෂන් සභාව සුදානම් බව ද මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේය.