මහනුවර ජාතික රෝහලේ තවත් පිරිසක් ආසාදිතයි
මහනුවර ජාතික රෝහලේ උගුර, කණ, නාසය පිළිබඳ රෝගී සායනයේ සේවය කරන හෙදියන් දෙදෙනෙකුට ආසාදිත බව තහවුරු වූ අතර අනතුරුව ඔවුන්ගේ ආශ්‍රිතයන්ට සිදුකල PCR පරීක්ෂණ වලින් නව ආසාදිතයන් 17ක් හඳුනා ගෙන තිබේ.
නව ආසාදිතයන් අතර වෛද්‍යවරයෙකු සහ හෙදියන් 9 දෙනෙකුද සිටින බව රෝහල් අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු සඳහන් කරනවා.
