News

මහනුවර නිවසක් මතට තාප්පයක් කඩා වැටේ

පවතින අධික වර්ෂාව නිසා ඊයේ (24) සවස දෙල්තොට පට්ටියගම ප්‍රදේශයේ නිවසක් මතට ඊට ඉහලින් ඇති නිවසක බැම්මක් කඩා වැටී තිබේ.

අදාළ පැති බැම්මට යටින් ජලය කාන්දු වෙමින් පවතින බවට හඳුනාගැනීමත් සමග පහළින් පිහිටි නිවසේ පදිංචිකරුවන් ඉන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

එම සිද්ධියෙන් ඊට පහළින් පිහිටි නිවසේ ගෘහ භාණ්ඩ ඇතුළු උපකරණ රැසකට අලාභහානි සිදුවී ඇත.

බැම්ම කැඩී යාම නිසා බැම්ම අයත් නිවසද අනතුරට පත්වීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.