මහනුවර මහ නගර සභා සේවකයෙක්ට කොවිඩ්
මහනුවර මහනගර සභාවේ ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහයකවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ආසාදිතයා වාර්තා වීමත් සමඟ නාගරික ලේකම්වරිය ඇතුළු එම කාර්යාලයේ සේවකයන් 40 දෙනකු පමණ නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසයි.
මේ හේතුවෙන් නගර සභාවේ වෙනත් කිසිදු අංශයක් වසා දමා නොමැති අතර නාගරික ජනතාවට නගර සභාවෙන් ලබාගත හැකි සේවාවන් සුපුරුදු පරිදි ලබා ගත හැකි බව මහනුවර නාගරික කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
