News

මහනුවර සිදුවූ අසාමාන්‍ය සෙලවීම – භූමියේ සෙලවීමක් ?

 

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අසාමාන්‍ය සෙලවීමක් සිදුවී තිබෙනවා. ඒ ඊයේ දින (29) රාත්‍රියේ දී යි.

ඊයේ දින (29) රාත්‍රී 8.30 න් පසු මෙම සිදුවීම සිදුව ඇති බව සඳහන්.

මහනුවර අනුරගම ප්‍රෙදේශයේ ගම්මාන කිහිපයකම ජනතාවට විශාල ශබ්දයක් සහිතව භුමියේ සෙලවීම දක්නට ලැබූ බව පවසනවා.

කෙසේ වෙතත් අදාල සිදුවීම භූ චලනයක් නොවන බවත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂක ජනරාල් ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා කියා සිටිනවා.

සිදුවීම ගැන විශේෂ විමර්ශනයක් අද දිනයේ සිදුකිරීමට නියමිතයි.