News

මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට වූ හානි කෝප් කමිටුවේදී හෙළිවෙයි

 

මාර්ගගත (ඕන්ලයින් ) ලොතරැයියකින් ශිෂ්‍යත්ව භාර අරමුදලට රුපියල් මිලියන 673ක් අහිමි වී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය කරගෙන තිබේ.

මෙහිදී ඕන්ලයින් ලොතරැයි වෙනත් අතරමැදියෙකු හරහා අලෙවිකිරීමෙන් අනතුරුව එම පුද්ගලයා එමගින් උපයාගත් රුපියල් මිලියන 673ක මුදල මහපොළ භාරකාර අරමුදල වෙත නැවත ලබාදී නොමැති බව සොයාගෙන ඇත.

එබැවින් එම මහා පරිමාණ දුෂණය ක්‍රියාව සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විධිමත් පරීක්ෂණයක් සඳහා යොමුකරන ලෙසට වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. භද්‍රානි ජයවර්ධන මහත්මියට කෝප් කමිටු සභාපතිවරයා දැනුම් දී තිබේ.